Tel: +94 112 890 943 | Email: info@wassip.lk

ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන්

මෙම ව්‍යාපෘතිය අවසානයේ ඇස්තමේන්තු ගත 426,000 වන ජනගහනයකට (දළ වශයෙන් නිවාස 107,000 කට) ආරක්ෂිත නළ ජලය සපයනු ලබන අතර, ඒ අතරින් දළ වශයෙන් නිවාස 26,300 ක් නගර හා කුඩා නගර වලට අයත් අතර නිවාස 15,800 වතුකරයේ වේ. ඉතිරි නිවාස 64,900 ග්‍රාමීය ප්‍රදේශවල වේ.

සනීපාරක්ෂක වැඩසටහන් මඟින් දළ වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සහ වතුකරයේ පවුල් 43,000 ක් වෙනුවෙන් තනි වැසිකිළි සෑදීමට නියමිතය. නාගරික සහ කුඩා නගරවල මළ අපද්‍රව්‍ය කළමනාකරණය සීඝ්‍රයෙන් ඉහළ යන ගැටලුවක් බවට පත්ව ඇත්තේ සෘජු පූතික ටැංකි භාවිතය සනීපාරක්ෂක සම්මතයක්ව පවතින නිසාය. මෙම ව්‍යාපෘතිය උපායමාර්ගිකව ස්ථානගත කරනු ලබන මළාපවහන පවිත්‍රකරණ කටයුතු වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මුදල් යොදවනු ලැබේ. මෙමඟින් නගර වල ජීවත් වන ජනගහණයහි සනීපාරක්ෂක තත්ත්වයන් වැඩිදියුණු කරනු ලබන අතර ජල පෝෂක ප්‍රදේශ වල පාරිසරික ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

අපගේ ෆේස්බුක් පිටුව

Subscribe

ඇමතීම්

ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,
ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය,
230, ජුබිලි කණුව, නුගේගොඩ,
ශ්‍රී ලංකාව.

විද්‍යුත් තැපෑල: wassipsl@gmail.com

දුරකතන:  +94 112 890 940 , 42, 43

ෆැක්ස්: +94 112 890 941