තෝරාගත් දිස්ත්‍රික්කයන්හි ප්‍රතිලාභීන් 426,000 ට වැඩි පිරිසකට නළ ජලය ලබා දීම වර්ධනය කොට සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්; සහායක ආයතනයන්හි ධාරිතාව ශක්තිමත් කිරීමත්; දැනට ආවරණය වන 44% වූ නළ ජලය ලැබෙන ජනගහනය 60% දක්වා වර්ධනය කිරීමත් ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අභිලාශය වේ.
නාගරික ප්‍රදේශයන්හි ප්‍රතිලාභී නිවාස සංඛයාව: 23,600
ග්‍රාමීය ප්‍රදේශයන්හි ප්‍රතිලාභී නිවාස සංඛ්‍යාව: 64,900
ප්‍රතිලාභී වතු නිවාස සංඛ්‍යාව: 15,800
සනීපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව: 43,000
මුළු ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව: 107,000
ජල සැපයුම් ලබා ගැනීම හා දරිද්‍රතාවය අතර සහසම්බන්ධතාවයක් ඇති හෙයින් දිස්ත්‍රික්ක හත තෝරා ගැනීමේ ක්‍රමවේදය වූයේ
- වැඩිදියුණු නොකළ සහ ආනාරක්ෂිත ජලයට හිමිකම් කියන ජනතාවගේ ප්‍රතිශතය
- නළ ජලය සැපයුම් අහිමි නිවාසයන්හි ප්‍රතිශතය
- වියලි කලාපයට අයත් දිස්ත්‍රික්ක
ප්‍රමුඛත්වය ලද දිස්ත්‍රික්ක හත වන්නේ:
උතුරු පළාත - මුලතිව් හා කිලිනොච්චිය
ඌව පළාත - බදුල්ල හා මොණරාගල
සබරගමුව පළාත - කෑගල්ල හා රත්නපුරය
මධ්‍යම පළාත - නුවරඑළිය
ව්‍යාපෘතිය අවසානයේ සේවාවන්ගේ ගුණාත්මකභාවය වර්ධනය කොට, මන්දපෝෂණය ව්‍යාප්තිය අඩු කිරීම මගින් ජිවන මට්ටම හා සියලු ජන කොටස්වල සාමුහික පැවැත්ම වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරේ.