Tel: +94 112 890 943 | Email: info@wassip.lk

උපාංගය 2 - ආයතනික ධාරිතා බලගැන්වීම

ව්‍යාපෘතියේ ආයතනික ධාරිතා බලගැන්වීමේ උපාංගය මගින් ආරක්‍ෂිත නළ ජලය හා සනීපාරක්ෂක පහසුකම් ප්‍රජාව වෙත ළගා කිරීමේදී උපකාරී වන ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුව හා වෙනත් ආයතනයන්ට උදව් කරනු ලබයි.

මෙකී උපාංගය පහත කාරණා ශක්තිමත් කිරීමට උදව් කරයි.

  1. පිරිවැය සඵලත්ව අධීක්ෂණ සන්නිවේදන උපකරණ මගින් තිරසාර බව හා ක්‍රියාකාරිත්ව ග්‍රහණය කොට ගන්නා අධීක්ෂණ හා ඇගයුම් පද්ධති සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම.
  2. පුනරුත්ථාපන හා ප්‍රතිස්ථාපිත වියදම්, යෝජනා ක්‍රම හා සනීපාරක්ෂක පහසුකම් වඩාත් හොඳින් කළමනාකරණය කිරීම ප්‍රජා මුල සංවිධාන වලට දිරිදීමනා උත්පාදනය කිරීම හා යෝජනා ක්‍රමයන්හි කාර්ය සාධනය හා තිරසාර බවෙහි නිරන්තර මෙන්ම විධිමත් අධීක්ෂණයක් සඳහා පෙළඹවීම වෙනුවෙන් ප්‍රජා මුල සංවිධාන වලට සහාය වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම.

තවදුරටත් සියලුම ප්‍රජාමූල සංවිධාන නීතික ආයතනයක් ලෙස ලියාපදිංචි කිරීමද මීට අයත් වේ.

  1. ප්‍රජාමුල සංවිධානයන්හි හා ජල සම්පාදන යෝජනා ක්‍රමයන්හි දීර්ඝ කාලීන කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය තහවුරු කරමින්, ග්‍රාමීය හා වතු ප්‍රදේශයන්හි ජල යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය හා ප්‍රජාමුල සංවිධානයන්හි ප්‍රගතිය වර්ධනය කිරීම සඳහා අධීක්ෂණ හා ඇගයීම් දත්ත භාවිතා කොට ක්‍රියාත්මක කිරීම.

Subscribe

ඇමතීම්

ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,
ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය,
230, ජුබිලි කණුව, නුගේගොඩ,
ශ්‍රී ලංකාව.

විද්‍යුත් තැපෑල: wassipsl@gmail.com

දුරකතන:  +94 112 890 940 , 42, 43

ෆැක්ස්: +94 112 890 941