නාගදීප ග්‍රාමීය ජල සම්පාදන ක්රමයේ ප්රතිලාභ ජනතාවට අත්පත් කොට දීමේ උත්සවය ව්‍යාපෘති කටයුතු නියාමනය කිරීම සඳහා පැමිණි ලෝක බැංකු දූත පිරිස සහ ව්‍යාපෘති අධ්යක්ෂ එන්.යූ.කේ. රණතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් 2017.11.14 දින පැවැත්විණ. 2018.01.22 දින මෙම ව්‍යාපෘති කටයුතු නිම කිරීම සඳහා නියමිතව තිබු අතර නියමිත දිනට ප්‍රථම මෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට හැකිවිය. ව්‍යාපෘති කටයුතු අධීක්ෂණය සඳහා පැමිණි ලෝක බැංකු දූත කණඩායම බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ජල සම්පාදන යෝජනා ක්‍රම හා සනීපාරක්ෂක කටයුතු අධීක්ෂණයටද එක් විය.